09:05
August 24, 2011 Leave a comment
මේ දවස් වෙලා ගොඩක් ජාතිවාදීන් හා සමහර සිංහල යාළුවො නොදැනුවත් කම හින්දා මුස්ලිම් වරුන්ව කුපිතයට පත්කරන්න +මුස්ලිම් වරුන් සමච්චලයට ගන්න පුළුවන් කියා පල කරන හා පතුරවන අල්-කුර්ආනයේ 9:5 යන වාක්‍ය දෙසට අපි යොමුවුනොත්.
ඔවුන් මෙම වාක්‍ය යොදාගෙන විශාල phobia (බීතිකාවක් ගොඩනගමින් සිටිනවා).
[9:5] නමුත් පූජනීය මාසයන් ඉකුත් වීමත් සමග (ගිවිසුම් උල්ලංඝනය කර, ඔබට එරෙහිව සතුරනට පිටුබලයක් වූ) බහු දේවවාදීන් හමුවන තැනෙහි ඔවුන් ඝාතනය කරන්න, ඔවුන් හසුකර ගන්න, ඔවුන් වටලන්න, සියලු රැඳවුම් පොළයන්හි ඔවුන් ඉලක්ක කරන්න. නමුත් ඔවුන් පසුතැවිලි වී, නැමදුමද පිහිටුවමින්, සකාත් දුගී අනිවාර්ය දීමනාවද ලබාදුන්නේද, ඔවුන් අත් හලින්න. සත්තකින්ම අල්ලාහ් දයාන්චිතය, සානුකම්පිතය.
මේම වාක්‍ය ගෙන ඉතා පැහැදිලි දෙනුමක් ලබාගන්න ඕනේ නම් පිවිසෙන්න යහමග.com
…………………………………………………………………………………………………….
ඔවුන් පලකරන විදිය.
[9:5]තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
…………………………………………………………………………………………………….
මෙම වාක්‍යයේ සැබෑ අර්ථය පැහැදිලිව දැනගෙනීමට මෙම වාක්‍ය හා සම්බන්ද අනිත් වාක්යනුත් එක්කොට බැලුවොත්.
……………………………………………………………………………………………………
[9:1] මෙය (ගිවිසුම් උල්ලංඝනය කර, ඔබට එරෙහිව සතුරනට පිටුබලයක් වූ) බහුදේව වාදීන් හා ඔබලා අතර ඇති සියලු සන්ධානයන්, අල්ලාහ් හා උන්වහන්සේගේ දූතයානන් වෙතින් අවලංගු කරන නිවේදනයයි.
[9:2] නුඹලා දේශයේ සිව් මසක් නිදහස්ව සැරිසරන්න. නමුත් නුඹලා අල්ලාහ් බංග කිරීමට අසමත් බව හොඳින් දැනගන්න. ඇත්තෙන්ම අල්ලාහ් සත්‍යය ප්‍රතික්ෂේප කරන්නන් නිගාවට ලක් කරන්නේමය.
[9:3] අති උතුම් වන්දනා දිනයෙහි අල්ලාහ් හා උන්වහන්සේගේ දූතයානන් වෙතින් සියලු මනුෂ්‍යයිනට කරනු ලබන ප්‍රසිද්ධ නිවේදනය නම් අල්ලාහ්, ආදේශ තබන්නන් හා සියලු බන්ධන වලින් මිදුණු බවත්, එසේම උන්වහන්සේගේ දූතයානන්ද (ඉවත් වූ බවත්ය.) නුඹලා පසුතැවිලි වීද, එය නුඹලාගේම යහපතටය. නමුත් නුඹලා එය පිටු පෑවේද, සත්තකින්ම නුඹලා අල්ලාහ් බංග කිරීමට තරම් අසමත් බව හොඳින් දැනගන්න. ප්‍රතික්ෂේප කරන ඔවුනට වේදනීය දඬුවමක් ගැනද ශුභාරංචිය දෙන්න.
[9:4] ඔබලා සමග ගිවිසුම් ඇති ආදේශ තබන්නන්, ඔවුන් තම ගිවිසුම් කිසිත් උල්ලංඝනය නොකර, ඔබට එරෙහිව කිසිවකුටත් පිටුබලයක්ද නොවූයේ නම්, ඔවුන් හැරය. ඔවුන් හා සියලු බන්ධනයන්හි නියමිත කාලය සම්පූර්ණ කරන්න. ඇත්තෙන්ම අල්ලාහ් ගරුබිය ඇත්තන් ප්‍රිය කරන්නේය.
[9:5] නමුත් පූජනීය මාසයන් ඉකුත් වීමත් සමග (ගිවිසුම් උල්ලංඝනය කර, ඔබට එරෙහිව සතුරනට පිටුබලයක් වූ) බහු දේවවාදීන් හමුවන තැනෙහි ඔවුන් ඝාතනය කරන්න, ඔවුන් හසුකර ගන්න, ඔවුන් වටලන්න, සියලු රැඳවුම් පොළයන්හි ඔවුන් ඉලක්ක කරන්න. නමුත් ඔවුන් පසුතැවිලි වී, නැමදුමද පිහිටුවමින්, සකාත් දුගී අනිවාර්ය දීමනාවද ලබාදුන්නේද, ඔවුන් අත් හලින්න. සත්තකින්ම අල්ලාහ් දයාන්චිතය, සානුකම්පිතය.
[9:6] තවද බහුදේව වාදීන්ගෙන් යමෙකු ඔබගෙන් ආරක්ෂාව අයැදීද, ඔහුට ආරක්ෂාව ලබා දෙන්න, එයින් ඔහු අල්ලාහ්ගේ වැකි වලටද සවන් දිය හැකිය. පසුව ඔහුව ඔහුගේ සුරක්ෂිත තැනට ඇරලවන්න. හේතුව ඔවුන් නොදත් අය හෙයිනි.
[9:7] පූජනීය මක්කා දේවස්ථානය අසල ගිවිසුමක් ඇතිකර ගත් අය හැර, අනෙකුත් ආදේශ තබන්නන් සමග අල්ලාහ් හා උන්වහන්සේගේ දූතයානන් වෙතින් කෙසේ නම් සම්මුතියක් තිබිය හැකිද? ඔවුන් ඔබලා සමග අවංක වීද, ඒතාක් ඔබලාද ඔවුන් සමග අවංකව හැසිරෙන්න. ඇත්තෙන්ම අල්ලාහ් ධාර්මිකයින් ප්‍රිය කරන්නේය.
[9:8] ඔබලා මත ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු වීමේදී, කිසිදු ඥාතිත්වයක් හෝ සම්මුතියක් හෝ ගරු නොකරන ඔවුන් හා කෙසේ නම් සම්මුතියක් පැවැත්විය හැකිද? ඔවුන්ගේ මුවින් ඔබලා සැනසුවද, ඔවුන්ගේ සිත් පිළිකුලෙන්ය. ඔවුන්ගෙන් බහුතරයක් අශික්ෂිතයින්ය.
[9:9] අල්ලාහ්ගේ වැකි සුළු මිලකට අලෙවි කරන ඔවුන්, උන්වහන්සේගේ යහමගද අවහිර කරති. සැබැවින්ම ඔවුන්ගේ මෙම හැසිරීම අති දුෂ්ඨ ක්‍රියාවකි.
[9:10] ඔවුන් විශ්වාසවන්තයා හා කිසිදු ඥාතිත්වයක් හෝ සම්මුතියක් හෝ නොරකිති. මායිම් උල්ලංඝනය කරන්නෝ ඔවුන්ය.
[9:11] නමුත් ඔවුන් පසුතැවිලි වී, නැමදුමද පිහිටුවමින්, සකාත් දුගී අනිවාර්ය දීමනාව ලබාදුන්නේද, ඔවුන් ඔබගේ ධාර්මික සහෝදරයින්ය. දැනමුතු සමාජයට අපි මෙසේ විවරණය කරන්නෙමු.
[9:12] නමුත් ඔවුන් තම ගිවිසුමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කරමින්, ඔබගේ ධර්මය අපකීර්තියට ලක් කළේද, ප්‍රතික්ෂේප ප්‍රධානීන් හා සංග්‍රාමයක යෙදෙන්න. එයින් ඔවුන් ඈත් විය හැකිය. ඇත්තෙන්ම තම ප්‍රතිඥා වාචකයෙහි ඔවුනට කිසිදු තැකීමක් නොමැත.
[9:13] තම ප්‍රතිඥා කඩ කරමින්, දේව ධර්ම දූතයානන් පිටමංකිරීමට වෙර දැරූ ඔවුන්, ඔබලාට එරෙහි සටනට මුල් වූයේද ඔවුන්මය. ඔබ ඔවුනට බියෙන්ද? ඔබලා සැබෑ විශ්වාසවන්තයින් නම්, ඔබලා බියවීමට නිසි හිමිකම ඇත්තේ අල්ලාහ්ටය.
[9:14] ඔවුන් හා සටනෙහි යෙදෙන්න. අල්ලාහ් ඔබ දෑතෙන් ඔවුනට දඬුවම් කරාවි. තවද ඔවුන් නිගාවට පත් කරන අතර, ඔබලාට ජයග්රහණයද ප්‍රධානය කරනු ඇත. (එයින්) විශ්වාසවන්ත ජනයින්ගේ හදවත් සෑහීමට පත්වන්නේය.
[9:15] ඔවුන්ගේ හදවත්හි ද්වේෂයද පහව යනු ඇත. තවද අල්ලාහ් තමාට රිසි අය කමා කරන්නේය. අල්ලාහ් සර්වඥය, සර්වප්‍රාඥය.
………………………………………………………………………………………………….
මෙන්න ඔවුන් මේ අල්-කුර්ආන් වාක්‍ය විකුර්ති කර පල කර තිබු ලිපියක screen ෂොට් එකක් .