47:35
August 7, 2011 1 Comment
මෑතකදී සිට අල්-කුර්ආනයේ වාක්‍යන් සිංහලට විකුර්ති අදහස් දෙන විදියට පරිවර්තනය කර අන්තර්ජාලය හරහා පතුරවන පහත් මානසිකත්වයෙන් පෙලෙන කණ්ඩායමක් දකින්නට හැක.අපි මේ බ්ලොග් හරහා බලාපොරොත්තු වන්නේ ඔවුන් විසින් විකුර්ති කර අදහස් දෙන ලද අල්-කුර්ආනයේ වාක්යන්වල සැබෑ අර්ථය හෙළි කිරීමයි.
ඒකට අපි පලුමුවෙන්ම තෝරාගත්තේ අල්-කුර්ආනයේ 47:35 යන වාක්‍ය පැහැදිලි කිරීමයි,
එම වාක්‍යයේ සැබෑ අර්ථය පැහැදිලි කරගැනීම සදහා “සුරා අල්-ෆත්හ්”(47) හි වාක්‍ය 31 සිට 35 වෙනකම් ඔබේ අවදානය යොමු කරොත්
- (47:31)ඇත්තෙන්ම, ඔබ අතුරෙහි අවංක පරිශ්රමයක යෙදෙන්නන් හා අචලව රැදෙන්නන් හදුනා, ඔබගේ කටයුතු ගැන නිශ්චය කර ගැනීමට, අපි ඔබ සැම පිරික්සුමට ලක් කරන්නෙමු.
- (47:32)නියතවශයෙන්ම යමෙකුට යහමග ප්රත්යක්ෂ වූවායින් පසුවත්, , එය ප්‍රතික්ෂේප කර අල්ලාහ්ගේ යහමගින් සෙස්සන් වලකමින්, දේව ධර්ම දූතයානන් හට දැඩි ලෙස විරෝධය දැක්වුවද, අල්ලාහ් හට අල්ප හානියකුදු පමුණුවීමටවත් ඔවුනට නොහැක. පෙරළා අල්ලාහ් ඔවුන්ගේ සියලු යහ ක්‍රියා නිෂ්ථල කරදමන්නේය.
- (47:33) විශ්වාස වන්තයිනි, අල්ලාහ්ට අවනත වන්න. තවද දේව ධර්ම දූතයානන්ටද අවනත වන්න. තවද ඔබගේ සත් ක්‍රියාවන් අහෝසි නොකරගන්න.
- (47:34) කවුරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ්ගේ සත්මගින් සෙස්සන් වලකමින්, තම මරණය තෙක් නික්ෂේපණයෙහිම ඇළී නියළී සිටියේද, නියතවශයෙන්ම අල්ලාහ් ඔවුන්ට සමාවක් නොදෙන්නේමය.
- (47:35) එහෙයින්, ඔබලා අධෛර්යමත් නොවන්න. තවද සාමය නොඉලියන්න. ශ්‍රේෂ්ඨයින් ඔබලාය. අල්ලාහ් ඔබලා සමගය. තවද (උන්වහන්සේ) ඔබලාගේ සත් ක්‍රියාවන් අහිමි නොකරන්නේමය.
මෙන්න ඔවුන් මේ අල්-කුර්ආන් වාක්‍ය විකුර්ති කර පල කර තිබු ලිපියක screen ෂොට් එකක් .
Hi, this is a comment.
To delete a comment, just log in, and view the posts’ comments, there you will have the option to edit or delete them.